මේ කවුරුත් දන්න ආදරණීය පවුලක ආදරණීය දියණිය පිළිබඳ සංවේදී කතාව
ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා කියන්නේ මියගියද සිය සංගීත ජීවිතයම අප සැමෝගෙම මතකයන් තුළ තැන්පත් කර මෙලොව හැර ගිය ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියෙක්.
ඉතින් මේ කියන්න යන්නේ ඔහුගේ පුත් අමල් පෙරේරාගේ වැඩිමහල් දියණිය සාරංගි පෙරේරා පිළිබඳවයි. 2001.11.11 නම් සුබ දිනයෙන් ජන්මය ලබපු ඇය 2008 අප්‍රේල් මස මෙරට දරුණුතම රෝගයක් වන පිළිකා රෝගයට ගොදුරු විය.
ඒ වන විට වයස අවුරුදු අටක් වූ ඇය ඇයගේ ළමා හුරතල් වියේ පසු විය. හැමෝගෙම පුංචි සුරතලී වූ සාරංගි පෙරේරා හට වැළඳුනු මෙම රෝගය ඒ පවුලේ කිසිවෙකුට දරාගත නොහැක්කක් වූවා.
ඉතින් ඇයගේ ජීවිතය ඇයටත් වඩා වටින පිරිසක් ඇය වටා වූ නිසා ඔවුන්ගේ ජාන තැන්පත් වී තිබුණු ගම් පියස වන කළුතර පයාගල ගම්පියස අතහැර ඔවුන් මහරගම අපේක්ෂා රෝහල ආසන්නයේ නිවසක් මිලදීගෙන එම නිවසේ පදිංචියට පැමිණියේ මහරගම අපේක්ෂා රෝහලේ සිය දියණිය වන සාරංගි පෙරේරා හට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.
ඉතින් එදා පටන් දරුණු පිළිකා රෝගයක් වන ලියුකේමියා රෝගය සමග සටන් වැදුණු ඇය සිය මවගේත් පියාගේත් අයියාගේත් ආදරණීය නැන්දල දෙන්නාගේත් බාප්පාගේත් ආශිර්වාදය මැද කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වන්නට විය. කළුතර ගම්පියස අතහැරදා මහරගමට පැමිණි ඇයව කොළඹ හය ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයට ඇතුළත් කිරීමට අමල් පෙරේරාට හැකි විය. ඉතින් එදා පටන් උසස් පෙළ දක්වා ඇයගේ ආදරණීය පාසල වුනේ St. Lawrence’s Convent Colombo 6.
කෙමෙන් කෙමෙන් සිය පවුලේ සහ ආදරණීයයන්ගේ කැපවීම උත්සාහය මතම පිළිකා මාරයාට අභියෝග කර එම ජීවිතය ජය ගත්තේය. මේ වන විට 24 වන වියේ පසුවන ඇය රූමත් තරුණියක්.
සිය පවුලේ ජනප්‍රියතාවය තමාගේ නිරහංකාර බවටවත් තමන්ගේ අධ්‍යාපන ජීවිතයටවත් පිටිවහලක් කර නොගත් සාරංගි පෙරේරා මේ වන විට IIT හි සිය උසස් අධ්‍යාපනය හදාරනු ඇත.
ඉතින් ඇය යොවුන් ගායන ශිල්පී නදීමාල් පෙරේරාගේ ආදරණීය නැගණිය මෙන්ම ශිරෝෂි රෝමේශිකාගේ සහ අමල් පෙරේරාගේ ආදරණීය දියණිය මරිසා සපෙරේරාගේ ආදරණීය අක්කායි. ඇයගේ විසිවන උපන්දිනය සඳහා අමල් පෙරේරා විසින් ගීතයක්ද එළිදැක්වූයේය එහි නම “දැකුම්කළු සෙවණැල්ලේ”.
ඉහත සඳහන් කතාව හරියට තේරුම් ගත් ඔබට මෙම ගීතයේ සඳහන්ව ඇත්තේ සිය දියණිය සාරංගි පෙරේරාගේ ජීවන කතාව බව තවදුරටත් පැහැදිලි වේ. එනම්,
මන්දාරම දිනිඳු සගවන
නියාවේ
රැකගත් සිනහව ඇගේ මුවග
සිනාවේ
ගිනි ඇවිළිලයි හිරු එළිය
ගෙනාවේ
ඇය නමින් තුසේ පෙරේරා
ලියනරාලලාගේ සාරංගි ඇලීෂියා
පෙරේරායි.
උපුටාගැනීමකි ..

