ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකට දැනෙන්නම භූ කම්පනයක්
මුලතිව් මුහුදේ සුළු භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3.6 කි.
භූ කම්පනය, මෙරට සියලු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල සටහන් වී තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, එහි බලපෑම හොරොව්පතාන, රොටවැව, මොරවැව, කුච්චවේලී, කින්නියා,ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි.
මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව, අප කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
