රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..
රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..
ඒ සිද්ධිය සියල්ලන්ගේ ඇස් කම්පනයට පත් කරන සිදුවීමක් වුණා. ඒ අතරතුර මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක්. රටම සෙවූ ඔහු අවසානයේදී හමුවුණේ කොහෙන්ද..?
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ, යාපනය ප්රදේශයේදීයි.
මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පසුගිය 17 වැනිදා පස්වරුවේදීයි තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ.
ඒ අනුව එම මළ සිරුර සොයාගත් අතර, මෙලෙස මියගොස් තිබුණේ, වැලිගම – කුරුඳු කොරටුව – පලල්ල යන ප්රදේශයේ පදිංචි අම්පාර ප්රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට සේවයෙන් ඉවත්ව සිටි භෞත චිකිස්සකවරියක්.
මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්රදේශයේ නාවාතැන් පොළකට 16 වැනිදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.
පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්රියේ මෝටර් රථයක දමා පසුදා උදෑසන තෙල්දෙණිය ප්රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වුණා.
එමෙන්ම අදාළ තරුණිය සිය ඔහු සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවුණා.
පසුව අනාවරණය වුණේ, ඔහු නාරම්මල ප්රදේශයේ පදිංචි තිදරු පියෙක් බවත්, තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවත්.
එසේම සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.
කෙසේ වෙතත් එම තරුණියගේ මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැහැ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ක්රියාත්මක වූ විමර්ශනවලට අනුවයි යාපනය ප්රදේශයේ දී ඔහුව මෙසේ අත්අඩංගුවට ගැනුණේ.
වලාන දුෂණ මර්ධන එකකයේ ප්රධානි රොහාන් ඔලුගල මහතාට ලැබුණු ඔත්තුවක් අනුව, වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ යාපනය කොට්ඨාස පොලිස් නිලධාරින්ගේද සහය ඇතිව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙම මෙහෙයුම පිළිබඳව පොලිස්පතිවරයාද සෘජු අධීක්ෂණයේ සිට ඇති බව වාර්තා වෙනවා
