ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි
ආණ්ඩුවට රජය සේවකයන්ට දිය හැකි උපරිම සහනය හාල් කිලෝ 20ක් බවත් එම ණය නොගෙව්වහොත් බත් මුට්ටිය ද රැගෙන යාමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජුලි 1) පුත්තලම පැවති ජන හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ආහාරවල මිල දිනෙන් දින ඉහළ යනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. හැබැයි මේවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන්න. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ, මේ වැඩිහිටියෝ දන්නවානේ,කොහෙන් හරි එතනට තමයි පනින්නේ ආයේ. ආවේ කාර් එකක් ලක්ෂ 12කට දෙනවා කියලා. ආවේ දියුණු රටක්, පෝසත් රටක් හදනවා කියලා. දැන් අන්තිමට ගමේ අහිංසක අම්මා තාත්තාගේ බත් මුට්ටියට වැඩේ දෙන්න හදන්නෙ.මේක තමයි මෙයාගේ දේශපාලනේ, සැලැස්මක් නෑ, වැඩපිළිවෙළක් නැහැ”.
mawbima
