චම්පික රණවක අනතුරෙන් පසු රියදුරු මාරු කළ හැටි අධිකරණයේදී එළිවේ
රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාගේ උපදෙස් හා දැනුම් දීම මත රියදුරෙකු පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව හිටපු අමාත්‍යවරයාගේ එවකට පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා කොළඹ මහාධිකරණය හමුවේ පවසා ඇත. ජුනි මස 25 වනදා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
අදාළ අනතුර සිදුවූ බව කියන 2016 පෙබරවාරි මස 28 වන දින රාත්‍රී කාලයේදී තමන් සිය විදේශීය පෙම්වතිය වන ලී නැමැති කාන්තාව සහ රියදුරු අල්විස් සමඟ බොරලැස්ගමුව ඇවිදින මන්ත්‍රී තීරුවේ ශාරීරික ව්‍යායාමවල නිරත වෙමින් සිටි බව සාක්ෂිකරු ප්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා විසින් රියදුරු අල්විස් වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් අනතුරක් සිදුව ඇති බව පවසා ඇති අතර, වහාම බොරැල්ල පොලීසිය වෙත ඉදිරිපත් වන ලෙසට දැනුම් දී ඇත.
මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා තමන් ද හිටපු අමාත්‍යවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දුන් බව හර්ෂ බණ්ඩාර මහතා සඳහන් කළේය. එහිදී හිටපු අමාත්‍යවරයා විසින් “ඇක්සිඩන්ට් එකක් වුණා, පොලීසියට රියදුරෙක් යවන්න” යැයි තමන්ට පැවසූ බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, බොරලැස්ගමුවේ සිට බොරැල්ල ප්‍රදේශය දක්වා රියදුරු අල්විස්ව පිටත් කර හැරීමට වැඩි කාලයක් ගතවන බැවින්, ඔහු වෙනුවට තුසිත නැමැති අනෙක් රියදුරාව පොලීසිය වෙත යැවීමට තමන් පියවර ගත් බව ද සාක්ෂිකරු පැවසීය.
මෙම සිදුවීමෙන් පසු තමන් නැවත නිල නිවස බලා පැමිණි බවත්, එම අවස්ථාව වන විට හිටපු අමාත්‍යවරයා එහි රැඳී සිටි බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. නිල නිවසේ සිටි හිටපු අමාත්‍යවරයා දෙස බැලීමේදී ඔහු යම්කිසි නොසන්සුන්කාරී ස්වභාවයකින් හෙවත් දැඩි චකිතයකින් පසුවන බව තමන්ට පැහැදිලිවම පෙනෙන්නට තිබූ බව ද හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා මහාධිකරණය හමුවේ අවධාරණය කර ඇත.
gossip lanka news
