චූලාගේ මර ණය පිටුපස සැකයක්
රවීණ නිරූපණ ශිල්පිණී චූලාපද්මේන්ද්‍ර මහත්මිය සැකකටයුතු ලෙස නිවසක ඇඳක් මත මිය ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි.
ඇය මියගොස් ඇත්තේ, පිළියන්දල වෑවල, ගංගාරාම පාරේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් තුළදීය.
ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව මෙම ව්‍යාපාරිකයා සමඟ අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ දරා ඇති අතර එයට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔහු තවදුරටත් පරීක්ෂා කිරීමේදී කොට්ටිය මත ලේ තිබෙන අයුරු දැක 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අමතා තිබේ.
පසුව ඔවුන් පැමිණ සිදුකළ පරීක්ෂාවේ දී ඇය මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, අනතුරුව ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව පිළියන්දල පොලීසිය වෙත දැනුම්දී ඇත.
