අධි බලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරිම නිසා ප්‍රදේශ රැසක ජල උල්පත් සිදී යයි.
ආසියානු සංවර්ධන බැංකුවේ රු බිලියන 13 ක ආසන්න ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලයේ මෙහෙයවිම යටතේ මහවැලි ගග නාවලපිටිය උලපනේ මොරගොල්ල ප්‍රදේශයෙන් හරස් කර බැම්මක් ඉදි කර මොරගොල්ල ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු 2020 වසරේ ආරම්භ කර 2023 වසරේ අවසන් කිරිමට සැලසුම් කර තිබුණ.
මෙම ව්‍යාපෘතිය සදහා උමං මාර්ග කැණිම් කටයුතු සදහා අධි බලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරිම නිසා ව්‍යාපෘතිය සිදු කරන ප්‍රදේශය අවට ගම්මාන රැසක ජල උල්පත් මේ වන විට සිදි ගොස් ඇති බවට ගම්වාසින් චෝදනා කර සිටියි.
ජල ගැටළුව සම්බන්ධයෙන් ව්‍යාපෘති භාර නිලධාරින් අවස්තා කිහිපයකදිම උද්ඝෝෂණ සහ සාකච්ඡා හරහා දැනුවත් කර බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් දින තුනකට වරක් එක් නිවසක ජලය ලිටර් පන්සිය බැගින් බවුසර් රථ මගින් ලබාදිම සිදු කල බවයි ගම්වාසින් කියා සිටියේ.
පසුව එය ලිටර් 250 දක්වා අඩු කර සතියකට වරක් ලබාදුන් බවත්, මේ වන විට ජලය ලබාදිම නතර කර ඇති බවයි ගම්වාසින් චෝදනා කර සිටින්නේ.
ජාතික ජල ප්‍රවාහන මණ්ඩලයෙන් පවසමින් බවුසර් රථ මගින් ලබාදුන් ජලය මඩ සහිත කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයේ තිබු බවත්, පවත්නා තත්ත්වය මත පෞද්ගලික ආයතන මගින් ජලය ලබා ගැනිමේදි ලිටරයකට රු 1000-2000 දක්වා අතර මිලක් දැරිමට තමන්ට සිදු වි ඇති බවයි පිඩාවට පත් ගම්වාසින් කියා සිටින්නේ.
ගම්මානයේ බහුතර පිරිසක් අඩු අදායම්ලභින් බවත්, ඔවුන්ට ජලය සදහා එතරම් පිරිවැයක් දැරිමට නොහැකි බවත්, ව්‍යාපෘතිය අවසන් කිරිම තව කෙටි කාලයකින් සිදු කරන හෙයින් ඉන් පසු තමන්ගේ ජල ගැටළුවට විසදුමක් ලබාදිමට කිසිවෙකු නොමැති බවයි ගම්වාසින් කියා සිටින්නේ.
සාර්ක් ගම්මානය, ඩෙන්මාක්, උලපනේ ඉහළ කොටස ඇතුළු ගම්මාන රැසක පවුල් රැසක් ජලය නොමැති විමෙන් පිඩාවිදින බවත්, බලධාරින් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පිඩාවට පත් පිරිස වැඩිදුරටත් පවසයි.
– රංජිත් රාජපක්ෂ