මට නින්ද ගිය හින්දා අනේ අපට හිටිය එකම දරුවා නැතිවුණා
ඇහැලියගොඩ ෆුඩ් සිටි එක පහු වෙනවා මට මතකයි. ඊට පස්සේ කාර් රථය පදවා ගෙන යන ගමන්ම මට නින්ද ගොස් තිඛෙනවා. කාර් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටුණා. මට නින්ද යාම නිසා මෙම අනතුර සිද්ධ වුණා. මේ අනතුරින් අපේ අවුරුදු දෙකහමාරක් වයස දියණිය මියගියා. මේ අපට සිටි එකම දරුවායි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බිරිඳට සහ දියණියටද කලින්ම නින්ද ගොස් තිබුණා. යැයි රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවති මරණ පරීක්ෂණයේදී මියගිය දියණියගේ පියා වන රණතුංග ජයසේකර කෝරළාගේ ගීත් ප්‍රසන්න (34) මහතා සාක්කි දෙමින් එසේ පැවසීය.ප්‍රසන්න මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවරයකු වන අතර බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරී කරන උපාධිධාරිනියකි.
පරීක්ෂණය පවත්වනු ලැබුවේ රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක යූ.ජී. සුගත් ප්‍රේමසිරි මහතා විසිනි.
මෙම රිය අනතුරින් මියගොස් තිබුණේ මාරවිල පොලිස් වසමට අයත් මහ වැව, මැද මහ වැව ධාතුසේන මාවතේ පදිංචිව සිටි කේ. උසදි දිනුල්‍යා නමැති දැරියකි.මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්කි දුන් ප්‍රසන්න මහතා මෙසේද කීය.මියගොස් සිටින දිනුල්‍යා අපට සිටින එකම දරුවායි. ඇයගේ වයස අවුරුදු දෙකහමාරක් වෙනවා. මගේ බිරිඳගේ මහ ගෙදර රත්නපුරේ පිහිටා තිබෙනවා. පසුගිය 11 වැනිදා රාත්‍රී 10 ට පමණ මමයි බිරිඳයි සිගිති දියණියයි බිරිඳගේ රත්නපුරේ පිහිටි මහ ගෙදර යන්ත මහ වැව අපේ ගෙදර ඉඳලා පිටත් වුණා. බිරිඳ දියණියත් සමග ඉදිරිපස අසුනේ වාඩි වී සිටියා.
කාර් රථය පදවාගෙන ගියේ මමයි. බිරිඳ සහ දරුවා නිදාගෙන සිටියා මම දුටුවා.
ඇහැලියගොඩ නගරයේ තියෙන ෆුඩ් සිටි එක පහුවෙනවා මට යාන්තම් මතකයි. කාර් රථය පදවා ගෙන අතර වාරයේ ඉබේටම මට නින්ද ගොස් තිබෙනවා. කාර් රථය යමක ගැටීමෙන් පසු මට ඇහැරුණා. මම කාර් රථයෙන් බිමට බැස්සා මගේ අතකට තුවාල සිදුවී තිබුණා.මේ අනතුර නිසා මම කම්පන තත්වයකට පත්ව සිටියා අනතුරින් තුවාල ලැබූ දියණිය සහ අවට සිටි පිරිස් විසින් ත්‍රිරෝද රථයකට ගොඩ කර තිබුණා. ත්‍රීරෝද රථයේ මාවත් ගොඩකර ඔවුන් ඇහැලියගොඩ රෝහලට පිටත් කර යැව්වා. පසුව රත්නපුර ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් පිටත් කර යැව්වා. මෙම අනතුරින් අපට සිටිය එකම දියණිය මිය ගියා. මෙම අනතුර සිද්ධ වුණේ පසුගිය 12 වැනිදා අලුයම් කාලයේ.
ලොරි රථය මාර්ගය අයිනේ නතර කර තබා ඇත්තේ එහි ටයරයක හුළං බැස තිබීම නිසා වන අතර එම ලොරි රථය නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාර්ගය අයිනේ නතර කර තබා ඇති බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ධම්මි ලුයිස් හේවා මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවාය.
මොළයට හා හිස් කබලට සිදුවූ තුවාල හේතුවෙන් දැරිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබිණි. ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුගත් ප්‍රේමසිරි මහතා මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට තීන්දු කළේය.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Goosip lanka news