පොලිස් පොඩ්ඩට ඇප ලැබෙයි කෑ ගහපු ලෝයර් අල්ලන්න පොලීසිය යයි
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට වාර්තා වූ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කරන්නේ.
කෙසේ නමුත්, බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔහු නොසිටි බවද පොලීසිය සඳහන් කළා.
පසුගිය සිකුරාදා (10) දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී, පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වූ අතර, පසුව තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරී කටයුතු කර තිබුණා
එමෙන්ම එම පොලිස් නිළධාරියාට මීට සුලු මොහොතකට පෙර ඇප ලැබී තිබෙනවා.