අපේ ඕලුගල මහත්තයා සෙව්වන්දි අල්ලාගත් වීර වික්‍රමය සම්පූර්ණ කතාව
මුරුසි ජාතික කාන්තාවක් ලෙස ඉෂාරා සෙව්වන්දි මුරුසියට පැන්නීමට කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කර තිබී ඇතැයි අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
ඒ සඳහා සකස් කළ මුරුසියේ විදේශ ගමන් බලපත්‍රයක් නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් පසු සොයාගෙන ඇත.
එම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ ඉෂාරා සමඟ නේපාලයේදී අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි නමැති පුද්ගලයාය. ව්‍යාජ ලෙස සකස් කළ එම විදෙස් ගමන් බලපත්‍රයට මුරුසියේ ආගමන විගමන නිල මුද්‍රා කිහිපයක් පමණක් තැබීමෙන් පසු ඇය මුරුසියට පැන්නීමට සැලසුම් කර ඇත. යාපනයේ පදිංචිකරුවෙක් වන ජේ. කේ. බායි නිතර ඩුබායිහි රැඳී සිටින තැනැත්තෙක් බව අනාවරණය වී තිබේ. අප රාධකරුවෙක් ලෙස ලේඛනගතව නැති පුද්ගලයෙක් වන ඔහු මෙරට අප රාධකරුවන් රටින් පැන්නීමේ කටයුතුවල නිරතව සිටින්නෙක් බව අනාවරණය වී ඇත. ඔහුට ජාත්‍යන්තර මා ෆියා ක ල්ලි සමඟ බොහෝ සම්බන්ධකම් තිබෙන බවද අනාවරණය වී තිබේ.
ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නීම පවා කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදී ඇතැයි පැවසෙන්නේ ජේ.කේ. බායිටය. ඒ වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේ,ජේ.කේ. බායිට රුපියල් කෝටියක මත් කුඩු ලබා දී ඇතැයිද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඉෂාරා සෙව්වන්දි යාපනයෙන් බෝට්ටුවක ගොඩකර ඉන්දියාවට රැගෙන ගියේ යැයි කියැවුණත් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළයුතුව ඇතැයි අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ ගැන ඉෂාරා සෙව්වන්දි මෙන්ම ජේ.කේ. බායිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුව ඇතැයි ද නිලධාරියා පැවසීය.
විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇති අකාරයට අනුව ජේ.කේ. බායි අවසන් වරට මෙරටින් පිටත්ව ඩුබායි බලා ගොස් ඇත්තේ 2023දීය. ඔහු නැවත මෙරට ගුවන් තොටුපොළ හෝ වරාය ඔස්සේ නීත්‍යනුකූලව ආගිය බවට තොරතුරු අනාවරණය නොවන බවද අප රාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉෂාර සෙව්වන්දි ආරක්ෂාකාරීව ලංකාවෙන් ඉන්දියාවට පන්නා ඉන්දියාවේ සිට නේපාලයට රැගෙන යෑමේ මෙහෙයුම සිදුව ඇත්තේ ජේ.කේ. බායිගේ අධීක්ෂණයෙන් බවද අනාවරණය වී තිබේ. ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බව අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඇය කොටුකර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ ඉතා සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සම්බන්ධ කර ගනිමිනි. මේ සඳහා අසල්වැසි රටක ප්‍රසිද්ධ බුද්ධි අංශයක ද සහාය ලැබී තිබීම ද විශේෂය.
ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බව පැහැදිලිවම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැලසුම් කරන්නේ සති 6ක සිටය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධවෙමින් මේ මෙහෙයුමට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනඟා ගෙන ඇත.
ඒ අනුව මේ මෙහෙයුමට නේපාලය වෙත පිටත් කර හැරීමට තෝරාගන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන්ය.
මේ නිලධාරීන් දෙදෙනා ඉෂාරා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ඒ අනුව මෙරටින් පිටත්ව යන්නේ පසුගිය 11 වැනිදාය.
ඊට පෙර දින කිහිපයේ රොහාන් ඕලුගල සිටින්නේ අසනීපයැයි පවසමිනි. දින කීහිපයක්ම ඔහු සිය රාජකාරි ස්ථානයට පවා වාර්තා කර නොතිබුණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් 11 වැනිදා උදෑසන පිටත්ව ශ්‍රීලංකන් ගුවන් යානයකින් නේපාලය බලා යන විට ඒ අසනීප තත්ත්වයන් සුව අතට පෙරළීය.
නේපාලයට ඔවුන් පා තබන විට පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටින්නේ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ය. ඒ අය සමඟ තානාපති කාර්යාලයට යන ඕලුගල සහ ගිහාන් ද සිල්වා එහිදී මුලින්ම මුණ ගැසෙන්නේ එරට පිහිටි මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ය. ජාත්‍යන්තර පොලීසියේ නේපාල ශාඛාවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇත්තේ අනතුරුවය.
ඒ වන විටත් ඉෂාරා කොටුකර ගැනීමට අවශ්‍ය මෙහෙයුමට ඩුබායිහි සිටින තවත් බායි කෙනෙක්ද සම්බන්ධ කරගෙන සිට ඇති බව සඳහන්. ඉෂාරා නේපාලයට ගෙන්වා රැකවරණය දෙමින් සිටි ජේ.කේ. බායි ගැන තොරතුරු දැන සිටියේ ඔහුය. ඒ වන විටත් ජේ. කේ. බායි රැඳී සිටියේ නේපාලයේය.
ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමේ මෙහෙයුමට ඒ වන විටත් නේපාලයේ ප්‍රාදේශීය පොලීසියක කණ්ඩායමක් ද සූදානම් කර තිබී ඇත. එම කණ්ඩායම සමඟ ගොස් රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මුලින්ම කොටුකර ගන්නේ ජේ.කේ. බායිය. ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ කත්මණ්ඩු නුවරට කිට්ටු ස්ථානයකය. වැටලීම සිදුවන විට කිසිම නිලධාරියෙක් ඔහු රැඳී සිටින නිශ්චිත ස්ථානයක් ගැන තොරතුරක් දැන සිටියේ නැත.
එබැවින් ජේ.කේ. බායි එළියට ගැනීමේ කටයුත්ත සිදුවන්නේ ඩුබායි සිට මේ මෙහෙයුමට සම්බන්ධ කරගත් බායිගේ සහාය ඇතිවය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී ජේ.කේ. බායි කිසිවක් නොදන්නා අයෙක් ලෙස හැසිරෙන විට ඔහුගේ කට ඇරෙන්නේ මෙරට සිට මෙහෙයුමේ සිටි නිලධාරියෙක් සතුව තිබුණු ජංගම දුරකතනයට ආ ඇමතුමකින් අනතුරුවය. එම ඇමතුම පොලීසියේ ඉහළම නිලධාරියකුගෙනි. එම නිලධාරියා වීඩියෝ ඇමතුමක් මගින් අමතන්නේ ජේ.කේ. බායිටය.
“බායි, අපට උදව් කරන්න. ඉෂාරා ඉන්න තැන කියන්න” ඔහු කතාබහ පටන් ගන්නේ එසේය.
“ කවුද ඉෂාරා කියන්නේ මම මුකුත්ම දන්නේ නැහැ” ජේ.කේ. බායි පැවසීය.
යාපනයේ වැසියෙක් වූ ජේ.කේ. බායිට සිංහල හොඳින් කතා කළ නොහැකිය. සිංහල බස තේරුණද ඔහුට සිංහලෙන් කතා කළ හැකිවූයේ වචන ගළපමිනි.
“ඔයා බිරියට, දරුවන්ට ආදරෙයි නේද? එයාලා ඉන්න ගෙදර වටේට සී.අයි.ඩී. කට්ටිය මේ වන විට ඉන්නවා. අපට මේ වැඩේට උදව් කළේ නැත්නම් අපි ඒ හැමෝම අත්අඩංගුවට ගන්නවා. ඔයාට සිද්ධ වෙන්නේ බායි දුක් වෙන්න තමයි”
පොලිස් ප්‍රධානියාගේ එම ගැටේට ජේ.කේ. බායි හසුවූයේය.
“සර්, මම ඇත්තටම ඔය කියන ගෑනු කෙනා දැන් ඉන්න තැනක් දන්නේ නැහැ. මම එයාව ඒජන්ට් කෙනෙකුට භාරදුන්නා. “යැයි බායි එසේ කට අරින්නේ පැයක දෙකක පමණ කාලයක් හිතන්න කල්දීමෙන් අනතුරුවය.
ජේ.කේ. බායි විසින් එසේ හෙළිකරන්න වූයේ නේපාලයේ තැරැව්කරුවෙක් ගැනය. නේපාල පොලීසිය එම තැරැව්කරු කොටුකර ගන්නේ ජේ.කේ. බායිගේ තොරතුරු මතය.
එම තැරැව්කරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සති දෙකකට පෙර ඇය එතෙක් රැඳී සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගිය බවය. ඒ ගැන තමා නොදන්නා බවද ඔහු පවසා තිබුණේය. ඒ ඔහු එම වැඩේ තවත් තැරැව්කරුවකුට පවරා තිබුණු බැවිනි. එම තැරුව්කරු සම්බන්ධ කර ගැනීමේදී ඉෂාරා භාවිත කරන එරට ජංගම දුරකතන අංකයක් මිස නිශ්චිතවම ඇය රැඳී සිටින ස්ථානයක් ගැන තොරතුරක් අනාවරණය කර ගැනීමට නොලැබුණි.
එතැන් සිට ඉෂාරා කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඇගේ ජංගම දුරකතන අංකය ඔස්සේය. ඇය ලබාගත් දුරකතන ඇමතුම් ජාල ගත විශ්ලේෂණයක් කරමින් කළ විමර්ශනයේදී පෙනී යන්නේ ඇගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ භක්තපූර් දිස්ත්‍රික්කයේ බවය. එම ප්‍රදේශය මෙරට නුවරඑළියට සමානකමක් දක්වයි. නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ නැඟෙනහිර කෙළවරේ අගනුවර වන කත්මණ්ඩු සිට කිලෝමීටර් 13ක් (සැතපුම් 8.1) පමණ දුරින් පිහිටා ඇති නගරයක් වන භක්තපූර් නේපාලයේ කුඩාම නගරය මෙන්ම වඩාත්ම ජනාකීර්ණ නගරයයි.
කත්මණ්ඩු සිට භක්තපූර් වෙත ඉකුත් ඉරිදා ඕලුගලත්, ගිහාන් සිල්වාත් රැගෙන යන්නේ නේපාල පොලීසියේ කණ්ඩායමකි. පොලිස් කණ්ඩායමේ ඉලක්කය වූයේ ඉෂාරා භාවිත කරන දුරකතනයේ සංඥා නිකුත් කරන ස්ථානයයි. හිතූ තරම් එය පහසු කටයුත්තක් නොවන බව පොලිස් කණ්ඩායමට පෙනී යන්නේ වර්ග මීටර් 800ක් පමණ ප්‍රදේශයක් පුරා එම සංඥා විහිදී ඇති බව පෙනී යන්න වූ බැවිනි. එම ප්‍රදේශය ජනාකීර්ණ මෙන්ම සංචාරකයන් ගැවසෙන ස්ථානවලින් සමන්විත වූ බැවින් නිවාස සහ ගොඩනැඟිලි පරීක්ෂා කරමින් ඉෂාරා සෙවීම පහසු කටයුත්තක් නොවීය.
නේපාලයේ පවතින නීතිමය තත්ත්වය මත එසේ ගෙයින් ගෙට සහ ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ලට ගොස් පරීක්ෂා කිරීම ගැටලු සහගතය. ඒ වන විටත් ප්‍රාදේශීය පොලීසියේ කණ්ඩායමක් ද එහි පැමිණ සිටින්නේ මධ්‍යම පොලීසියෙන් කර තිබුණු දැනුම්දීමකට අනුවය. ඒ මෙහෙයුමට සහාය දැක්වීමටය. ඒ වන විටත් දහවල ගෙවී ගොස් හමාරය. නිවාස එකින් එක පරීක්ෂා කිරීමට ගියහොත් නිවාස සහ ගොඩනැඟිලි අඳුර වැටීමට පෙර පරීක්ෂා කර අවසන් කළ නොහැකිය. නේපාල පොලීසිය රාත්‍රී කාලයට මෙහෙයුම් කරන්නේ නැත. සුවිශේෂී කටයුත්තක් හේතුවෙන් රාත්‍රී කාලයට මෙහෙයුමක් කරන්නේ නම් ඊට ඉහළින්ම අවසර ලබාගත යුතුය. මෙහිදී එවැන්නක් කළ නොහැකි වූ බැවින් ඉෂාරා ඉන්නා තැනින් එළියට ගෙන අත්අඩංගුවට ගැනීම සුදුසු යැයි රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායම තීරණය කළේය. ඒ සඳහා ඉත්තෙක් ලෙස යොදා ගන්නේ ජේ.කේ. බායිය. ඉෂාරාගේ ජංගම දුරකතනයට ජේ.කේ. බායි මගින් ඇමතුමක් ගන්න සලස්වන්නේ සැලසුමකට අනුවය. අපරා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කණ්ඩායමක් ද මේ පිටුපස සිටියේය.
එම ඇමතුම මඟින් ඉෂාරා රවටන්නේ ඇගේ වියදමට අවශ්‍ය මුදල් දැමූ බැංකු කාඩ්පත ලබාදීමට භක්තපූර්හී යම් ස්ථානයකට පැමිණෙන ලෙසය. පොලීසියේ තිර පිටපතට අනුව ජේ.කේ. බායි විසින් ඇයට දුරකතන ඇමතුම දෙමින් එතැනට පැමිණිය යුතු වේලාව පවා දැනුම් දුන්නේය. ඒ පසුදින උදෑසනය.
එදින රොහාන් ඕලුගලටත් ගිහාන් ද සිල්වාටත් නවාතැන් ගැනීමට නේපාල පොලීසිය ඉඩක් සලසා දෙන්නේ තට්ටු නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි හෝටලයකය. ජේ.කේ. බායි ද ඒ වන විටත් සිටින්නේ ඔවුන් භාරයේය.
ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමට එදා උදෑසනම නේපාල පොලිස් කණ්ඩායම සමඟ රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් සමඟ ගමන් කරන්නේ ජේ.කේ. බායි විසින් පෙර දින ඇයට ඇමතුමක් දෙමින් පැමිණෙන්නැයි කී තැනටය. ප්‍රාදේශීය පොලීසියේ නිලධාරීන් ඉෂාරාව ඇය රැඳී සිටින ස්ථානයේදීම කොටුකර ගැනීමේ අපේක්ෂාව නේපාලයේ ප්‍රාදේශීය පොලීසිය අතහැර දමා තිබුණේ නැත. එම ප්‍රදේශයේ රැඳී සිටින ආගන්තුකයන් සහ විදේශීය කාන්තාවන් ගැන තොරතුරු ඔවුන් පෙර දින රාත්‍රිය පුරාම රැස් කර තිබුණේය. ඒ අනුව සඳුදා දින උදෑසන ඇය ප්‍රාදේශීය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ඇය නිෙවසින් පිටතට ඒමට සූදානම් වූ විටදීය. ඒ වන විටත් ඕලුගල ඇතුළු නිලධාරීන් කණ්ඩායම සිටින්නේ කිලෝමීටර් එකහමාරක් පමණ වූ වෙනත් ස්ථානයක රැඳෙමිනි. ඒ ඉෂාරා එතැනට ආපසු කොටුකර ගැනීමටය.
ඉෂාරා තමන් අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය කළ දැනුම්දීමට අනුව නේපාල පොලිස් කණ්ඩායම සමඟ රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් ඒ තැනට යන විට පුදුමයට පත්වන්නේ ඔවුන් පෙර දින රැඳී සිට ඇත්තේ ඇය රැඳී සිටි ස්ථානයට ආසන්නයේ ඇති හෝටලයක බව පෙනී ගිය බැවිනි.
සති ගණනක් තිස්සේ කළ සුවිශේෂී මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඉෂාරා කොටුකර ගැනීමෙන් අනතුරුව එම ජයග්‍රහණය සමරමින් ඕලුගලටත් ගිහාන් ද සිල්වාටත් ඇය රැගෙන මෙරටට ඒමට ඉඩක් නොවීය. ඒත් එක්කම ඔවුන්ට තවත් මෙහෙයුමක් පැවරුණි. ජේ.කේ. බායි විසින් නේපාලයට ගෙන්වාගෙන රැකවරණය ලබාදෙමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනෙන්නේ නේපාලයේ වෙනත් ප්රදේශයකදීය.
ඒ අතර සිටින කාන්තාව යාපනයේ පදිංචිකාරියකි. ඇය බැලූ බැල්මට ඉෂාරාගේ හැඩ රුවට සමානය. ඉෂාරාගේ ඩමියක් ලෙස ඇයව නිලධාරීන් විසින් හඳුන්වනු ලැබීය. ඇය නමින් තක්ෂිය. ඇය සමඟ සුරේෂ් නමැති අයෙක්ද සිටියේය. සුරේෂ් ද යාපනයේය. මිනිස් ඝාතන ඇතුළු අප රාධ රැසකට ඔහු චෝ දනා ලැබූවෙකි. කේරළ ගං ජා ජාවාරමට ද ඔහු සම්බන්ධ පුද්ගලයෙකි. නේපාලයට ඔහු පැමිණ ඇත්තේ තක්ෂිව ද රැගෙනය. ඔවුන් නේපාලයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. ඉන්දියාවට ඔවුන් යන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජූලි 21 වැනිදා බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත. තක්ෂි මෙසේ නේපාලයට ආ හේතුවක් පැහැදිලිව මෙතෙක් අනාවරණය වී නැත. ඇය නේපාලයේ සිට යුරෝපීය රටකට යෑමේ සූදානමකින් සිට ඇති බව පැවසේ.
මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා වන්නේ බබී සහ බබාය. බබී නුගේගොඩය. බබා ගම්පහය. බබී සහ බබා පාතා ලයේ අප රාධකරුවන්ය. මත්කු ඩු ජාවා රමට ද සම්බන්ධ වූවෝය. නුගේගොඩ ජම්බුගස්මුල්ලේදී 2019 වසරේදී ව්‍යාපාරිකයෙක් වෙ ඩි තබා ඝාත නය කිරීමක් සම්බන්ධයෙන් ඔහු පොලීසියට අවශ්‍යව සිටියෙකි. ඔහු එකල පොලීසියෙන් බේරීමට පැන්නේ ඩුබායි වෙතය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් බබා නමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකි. පසුගිය කාලයේ ගම්පහ ආශ්‍රිතව සිදුවූ අප රාධවලට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි පොලීසියේ සැක කරයි.
ඉෂාරා අල්ලන්න ගොස් හය දෙනෙක්ම රැගෙන රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් ඊයේ සවස මෙරටට එන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකිනි. මේ පිරිස රැගෙන ඒමට ඊයේ උදෑසන කාලයේදී මෙරටින් කත්මණ්ඩු ගිය ගුවන් යානයකින් අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකි. ඉෂාරා ඇතුළු 06 දෙනා ගුවන් යානයේ නන්වාගෙන රැගෙන ඒමේදී මේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ආරක්ෂකයන්ගේද ආරක්ෂාවක් ලැබිණි. ඒ අතර කාන්තා ගුවන් ආරක්ෂක නිලධාරිනියක්ද සිටි බව සඳහන්ය. රටින් පැන මාස 8කට පමණ පසු නැවත මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත ඉදිරි විමර්ශන සිදුවනු ඇත.
මේ මෙහෙයුමේදී ඉෂාරාටත් වඩා පොලීසියට වැදගත් වන්නේ ජේ.කේ. බායිය. ඒ පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් රටින් පන්නමින් විදේශයන්වල රැකවරණය ලබාදීමට ජාත්‍යන්තර මාෆියා කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්තේ ඔහු වන බැවිනි. ජේ.කේ. බායිගෙන් ප්‍රශ්න කර ඒ ජාලය හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසයෙන් සිටියි.
උපුටාගැනීම
– දිණමින පුවත්පතින්