ෆොටෝස් වලටත් න පුරු ගෑ නි කියල කමෙන්ට්ස් දානවා
නෙත්මි සත්සරණි රංගන ක්ෂේත්රයට පිවිසෙන්නෙ නිරූපණය හරහා. එහි පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ඇය ටෙලි නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබාදීල තියෙනව. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතුරින් ‘රොන් සොයා’, බොහොම ජනප්‍රියයි. මෙහි එන නෙත්මිගෙ චරිතය නිසා ‘නෙත්මි’ මිනිස්සුන්ගෙන් ගොඩක් බැණුම් අහනවලු. මොකක්ද මේ කතාව. අපි ඇයගෙන්ම අහමු.
නෙත්මි නිසා මේ දවස්වල බැණුම් අහනවලු නේද?
ඔව්, නෙත්මි කියන චරිතයට වගේම එෆ්බී එකෙත් නෙත්මිලාට මිනිස්සු ගොඩක් බනිනවනෙ. මගේ ඇත්ත නමත් ඒක. මේ චරිතය ජනප්‍රිය වෙන්න ඒක වගේම මමත් චරිතයට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති කියල හිතෙනව.
මේ චරිතය මොන වගේද?
අම්මෝ… ඒක මාර නපුරු චරිතයක්. මිශෙල්ට දුෂ්ටකම් කරන්නමයි ඒ චරිතය තියෙන්නෙ.
මගතොටදි බැණුම් අහපු අවස්ථා තියෙනවද?
දවසක් මම පාරෙ යනකොට මගේ යාළුවෙක් මුණගැහිල කියනව, ඔයා යනව දැක්කාම මිනිස්සු කියනවලු අන්න අර මිශෙල්ට බණින ගෑනි යනව කියල.
මේ ඔබ බලාපොරොත්තු වුණ දේද?
නැහැ. චරිතය මේ තරම් මිනිස්සු අතරට යයි, බණින්න හරි මිනිස්සු වැළඳගනීවි කියල මම කොහොමටවත් හිතුවෙ නැහැ. ආරාධනය ලැබෙද්දි චරිතයේ ස්වභාවය ගැන යම් දැනුවත්වීමක් ඇති වුණත් ෂූටිං ගියාට පස්සෙ තමයි දැනගන්න ලැබුණෙ මේ තරම්ම නපුරුයි කියල.
මින් පෙරත් ටෙලි නාට්‍ය කිහිපයකම දකින්න ලැබුණා?
ඔව්, සසංකාරා, සුසුම් රස්තියාදුව, අකුරට යන වෙලාවේ, ජුරාලියා සහ මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දු අයියගෙ ‘සිත් අතර හිස් තැන්’ කියන අලුත් නාට්‍යයක ෂූටිං වැඩ කරගෙන යනව.
නෙත්මි රංගන ශිල්පිනියක් වෙනව කියන අදහසක හිටියෙ නැහැ?
ඇත්තටම රංගන ශිල්පිනියක් වෙනව කියන අදහස මගේ හිතේ කොනකවත් තිබුණෙ නැහැ. මගේ අරමුණ වුණේ අධ්‍යාපනය පැත්තෙන් පුළුවන් උපරිම දුරක් යන්න. නමුත් නිරූපණ ක්ෂේත්රයට පැමිණීමත් එක්ක මට රංගනය සඳහා ආරාධනා ලැබෙන්න පටන් ගත්තා.
දැන් ඔබ ජනප්‍රිය චරිතයක්?
ඔව්, ඒ ගැන නම් ඇත්තටම සතුටුයි සහ ගොඩක් දෙනෙක් මට පෞද්ගලිකවම කතාකරල කියනව ඔයා හොඳට ඇක්ට් කරනව කියල. ඒ වගේම නෙත්මි චරිතය ගොඩක් නපුරු වුණත් ඒකට බණින අය වගේම ඔයාව එපා වෙන තරමටම ගොඩක් හොඳින් ඒ චරිතය කරනව කියල සුබ පතන අයත් ඉන්නව.
දැනට ඔබේ වෘත්තිය වෙන්නෙ රංගනය?
ඔව්, මගේ වෘත්තිය විදිහට දැන් කරන්නෙ රංගනය. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරගෙන යනව.
නෙත්මි සත්සරණි කියන්නෙ මොන වගේ චරිතයක්ද?
මම බොහොම විවෘත, කෙළින් කතාකරන කෙනෙක්. අසාධාරණයට පොඩ්ඩක්වත් කැමති නැහැ. සමහර අය මගේ ෆොටෝස්වලටත් නපුරු ගෑනි කියල කමෙන්ට්ස් දානව. මාව දැක්කාමත් සමහර අයට එහෙම හිතෙනව ඇති. ඒ වුණාට ඇත්තටම මම හරිම සංවේදී කෙනෙක්.
රංගනයට යොමු නොවුණා නම්?
මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කළේ ඇග්රිකල්චර් පැත්තෙන්. රංගනයට යොමු නොවුණා නම් ඒ හා සම්බන්ධ ක්ෂේත්රයකට යොමුවෙයි.
කැපිලි කෙටිලි තිබුණද?
මේ ක්ෂේත්රයකට ආවාම සාමාන්‍යයෙන් එහෙම දේවල් තියෙනවනෙ. ඉතිං මටත් එහෙම දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනව.
නෙත්මි ෆැෂන්වලට බොහොම කැමති කෙනෙක්?
ඔව්, මම ෆැෂන්වලට බොහොම කැමති කෙනෙක්. මගේ ඇඟට ගැළපෙන විදිහට වගේම තැනට සුදුසු විදිහට මට හොඳයි කියල හිතෙන ඕනෑම විදිහකට මම අඳිනව. ප්රියසින්නම් කරල තියෙනව නමුත් ටැටූ කරල නැහැ.
මිශෙල්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මිශෙල් කියන්නෙ මට වඩා ජනප්‍රිය, ක්ෂේත්රයේ අත්දැකීම් තියෙන කෙනෙක්. ඇත්තටම ඇය ගොඩක් නිහතමානී කෙනෙක්. නෙත්මි කියන චරිතය ගොඩනගා ගන්න ඇයගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් මට ලැබෙනව. අපේ අධ්යක්ෂවරයා වන නිවන්ත ප්‍රසාර මහත්මයාගෙන් සහ මිශෙල් වගේ ක්ෂේත්රයේ ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය නිසයි මගේ චරිතය සාර්ථකව ගොඩනගා ගන්න මට හැකියාව ලැබිල තියෙන්නෙ.
‘රොන් සොයා’ නිර්මාණයට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?
අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයා වන කසුන් තාරින්දගෙන් නිවන්ත ප්‍රසාර අහල තිබුණ මේ චරිතයට මාව සම්බන්ධ කරල දෙන්න පුළුවන්ද කියල. ඒ විදිහට තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ.
සිනමාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා?
ඔව්, මට සිනමාව පැත්තෙන් ආරාධනයක් ලැබුණා. නමුත් ඒක තවමත් තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ.
නෙත්මි පෙම්වතියක්, කොහොමද ආදරය දැනෙන්නෙ?
ඔව්, මම පෙම්වතියක්. ආදරය ගොඩනැගෙන්න නම් විශ්වාසය කියන දේ තියෙන්න ඕනෙ. ඒකට අපේ පාර්ට්නගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙන්න ඕන. ඒ මත තමයි ආදරයෙ රඳාපැවැත්ම තියෙන්නෙ.
දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?
නිරූපණයෙන් ඈත් වෙලා නැහැ. මේ දවස්වල තියෙන වැඩකටයුතුත් එක්ක ටිකක් බැලන්ස් කරගෙන යනව.
නිරූපණ ක්ෂේත්රය ඔබ දැක්කෙ කොහොමද?
නිරූපණය කියන්නෙ රංගනය වගේම පුළුල් විෂයයක්. අද එහි ඉන්න ඇතැම් අය මේ පිළිබඳව කිසිම හැදෑරීමක් කරල නැහැ. නිසි හැදෑරීමකින් යුතුව ක්ෂේත්රයට එනවනම් දිගු ගමනක් යන්න පුළුවන්.
නිළියකට සීමාවන් තියාගෙන චරිතයක් රඟපාන්න පුළුවන්ද?
නිළියක් වුණාම රංගනයේදී සීමාවන් තියාගන්න බැහැ. අපිට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මම නම් චරිතයක් තෝරාගන්නකොට ටිකක් හිතනව.
එහෙම හිතල අතහැරපු චරිත තියෙනවද?
ඔව්, එහෙම අතහරින්න සිදු වුණ චරිත තියෙනව.
නෙත්මිගෙ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, මමයි. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක තමයි මම මේ වැඩකටයුතු සාර්ථකව කරගන්නෙ.
මහේෂ් එදිරිසිංහ
