අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වෙන ගුවන් ගමන් වාර කිහිපය මෙන්න
මේ කියන්න යන්නේ ලෝකයේම අවදානය දිනාගත්ත තවත් එක් විශේෂ පුවතක් ගැනයි..
ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් රැසක ගුවන් ගමන් වාර ඊයේ (23) රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට Air France, British Airways, Lufthansa සහ KLM වැනි ප්‍රධාන පෙළේ බටහිර ගුවන් සමාගම් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලයට අමතරව ඩුබායි, අබුඩාබි, රියාද් සහ කටාර් වෙත සියලුම රාත්‍රී ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායලය වෙත සිදුකරන ගමන් දහවල් කාලයට පමණක් සීමා කර ඇති අතර, ඉරාන සහ ඉරාක ගුවන් සීමාවන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා.
United Airlines සහ Air Canada සමාගම් ද ටෙල් අවිව් වෙත සිය සේවාවන් අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
මෙම හදිසි අත්හිටුවීම්වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සෘජු යුධ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.
“අපි ඉරානය ගැන ඉතා සමීපව අවධානයෙන් සිටිනවා. යම් හෙයකින් ඔවුන් නැවත යුරේනියම් පිරිපහදු කිරීම ආරම්භ කළහොත් එහි ප්‍රතිවිපාක ඉතා දරුණු වනු ඇති” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ඩාවොස් සමුළුවේ සිට ආපසු එන අතරතුර අනතුරු අඟවා තිබෙනවා.
hiru gossip
