හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ්ගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි
වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු කරගෙන සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.
එහිදී ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.
ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5ටම හානි වී ඇති බව සඳහන්ය.
අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
